Thursday, February 18, 2016


ඔබ නැහැ





ඔබට සමුදුන් දා පටන්
අහස අඬනවා
ගිනියම් කොලඹ තෙත් කරන්...
සතුටටද දුකටද
මගේ දුක නිවන්නද..
මා සනසවන්නද...

සිහින් සීතල වැහි පොදේ
තෙමි තෙමී එනවිට
මතක් වෙන්නෙ මට
අපි කවදාවත් වැස්සෙ තෙමුනෙ නැහැ එකට...

සමහර දවසට
අපි ආසාවෙන් බලන් උන්නා
වැහි වලාකුලු දිහා
වැස්ස වහින තුරු...

අපි වෙනුවෙන් කවදාවත් තෙත් නොවුනු අහස
අද තෙත් වෙලා
ඒත්...
මාත් එක්ක වැස්සෙ තෙමෙන්න
ඔබ නැහැ...


No comments:

Post a Comment