සමාවෙන්න මට
කඳුහෙල්
පසුකරන්
කටු
අකුල් පීරමින්
අවෙ
මම
හරි
පාර හොයාගෙන..
රළු
බොරලු පාරක්
දිස්
වුනා මා ඉදිරිපිට
අසා
ඇති මං සලකුණු
මට
පැවසුවේ
මෙයයි
ඒ මාවත...
ඔසවන
විට පා ඒ වෙත
අහම්බෙන්
ඔබ ආවා
"එන්න
මාත් එක්ක
ඔයාට
තනියක් නැහැ"
සුමටළු
පාරක ඔබ මා ගෙන ගියා
සව්සිරින්
සපිරුනු සුවබර පුරවරයට...
සිතන්නත්
නැහැ ඉඩක්
සැපෙන්
ඇලලුනු සිතේ..
දෝරෙ
යන සව්දියෙන් - සවන පිනවන වෙණෙන්
පසිඳුරන්
මත්වෙලා...
මෙයමද
ඒ තැන
කෝ
එහි සැනසීම
මා
මනස ඇතුලෙන්ම
කව්දෝ
අහනවා...
ඇයි
මේ මත්වීම
අයි
මේ මුළාව
සිත
උඩුහුලඟෙ පා කරන සැනසීමයි මට අවැසි...
සමාවෙන්න
මට
කම්
සැපති පුරවරෙන් ගැලවෙන්න
බැරි ඔබව
දමා
යන්නෙමි මං
සැනසීම
ඇති දෙසට...
බොරළු
පාරෙ යා යුතුම වෙයි මම
පසක්
කරලන්න අවැසි නිසා
සදාකල්
සුවය එහි තිබෙන බව....
No comments:
Post a Comment